ජනාධිපති කාර්යාලයේ වැඩ අරඹයි

නව විධායක ජනාධිපති පාර්ලිමේන්තුව මඟින් තෝරාගත් පසු දින 100ක් පමණ වැසී තිබූ ජනාධිපති ලේකම් කාර්යාලය අද සිට යළි විවෘත වේ.
මීට මාස කිහිපයකට පෙර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා ගාලු මුවදොරේ ඇරඹූ අරගලය හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුමද අවහිර වුණා.
පසුගිය ජූලි 9 වෙනිදා විරෝධතාකරුවන් විසින් කාර්යාල පරිශ්‍රය අත්පත් කරගත් අතර, ජනපති ගේ ඉල්ලා අස්වීමෙන් පසු ජූලි 22 වන දින ආරක්ෂක අංශ වෙත නැවත භාර දී ඇත.
කාර්යාල ගොඬනැඟිල්ලට හා දේපළවලට සිදු වී ඇති හානි පිලිබඳ විමර්ශනයකින් පසු පොලීසිය විසින් ජනාධිපති ආරක්ෂක අංශයට භාර දී ඇත්තේ අද (25) සිට කාර්යාල කටයුතු ඇරඹීමටයි.
256 Views
Comments