අරගලකරුවන් සිව්දෙනෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර - උවිඳුත් ඒ අතර?

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර ඇතුළු තරුණයින් සිව් දෙනෙකුට පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලබා දිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත්වී ඇත.
මේ සම්බන්ධයෙන් වන යෝජනාව අමාත්‍ය විජයදාස රාජපක්ෂ සමඟ සාකච්ඡා කර ඇත්තේ සමස්ත ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඇතුළු කණ්ඩායමක් විසිනි.
ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද මන්ත්‍රීවරුන් 04 දෙනෙක් ඉවත්ව ඒ සඳහා මෙම තරුණ පිරිසට ඉඩ ලබාදිය යුතු බවට මෙහිදී යෝජනා කර ඇත.
උවිඳු විජේවීරට අමතරව අනෙක් පිරිස් පිරිස අරගලයට නායකත්වය දුන් තරුණ තරුණියන් විය යුතු බවද යෝජනා වී තිබේ.
අදාළ යෝජනාව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයිද දැනගන්නට ඇත.
746 Views
Comments