අයිඕසී ඉන්ධන බෙදීම දෙගුණයකින් වැඩි කරයි

මෙට්‍රික්ටොන් 38,000ක ඩීසල් නැවක් ලබන මස 11-15 අතර දිවයිනට පැමිණෙන බවත් ලබන මස 22 වනවිට පෙට්‍රල් මෙට්‍රික්ටොන් 33,300ක නෞකාවක් මෙරට පැමිණීමට නියමිත බව හිටපු අමාත්‍ය සාගල රත්නායක පවසනවා
එසේම ලිට්‍රෝ සමාගමට මෙට්‍රික්ටොන් 100,000ක ගෑස් ලැබීමට නියමිත බවත් ඉන් පළමු ගෑස් නෞකාව ලබන මස 06 මෙරට පැමිණීමට නියමිත බවද ඔහු කිය සිටිනවා
කෙසේ වෙතත් ලබන ජූලි 07 වැනිදා මෙරට අවශ්‍ය පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40000 ක නෞකාක් ආනයනය කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කටමින් සිටිනවා
තවද දුම්රිය,පොදු ප්‍රවාහනය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සදහා අවශ්‍ය ඩීසල් මෙට්‍රික්ටොන් 10000 ක් ඉන්දියන් ඔයිල් සමාගමෙන් ලබා ගැනීමටයි තෙල් සංස්ථාව කටයුතු කරමින් සිටින්නේ
317 Views
Comments