පේරාදෙණිය රෝහලේ සිව් නිවුන් දරු උපතක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

පේරාදෙණිය රෝහලේ සිව් නිවුන් දරු උපතක්

පේරාදෙණිය රෝහලේ සිව් නිවුන් දරු උපතක්

කුරුණෑගල තෝරයාය අටමුණේ ප්‍රදේශයේ මවක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිව් නිවුන් දරුවන් බිහි කර තිබෙන බව වාර්තා වේ.

 

ඇය මෙලෙස බිහි කර ඇත්තේ පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවෙකු බව සඳහන් වේ.

 

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, කථිකාචාර්ය සම්පත් ඥානරත්න මහතා සඳහන් කළේ අලුත උපන් දරුවන් සිව්දෙනා සහ මව මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවයි.

නිවුන් දරුවන් බිහි කළ මව 30 වන හැවිරිදි වියේ පසුවන පාසල් ගුරුවරියක් වන අතර දරුවන්ගේ පියා මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරියෙකු බව වාර්තා වේ.

 

දරුවන් සිවුදෙනා රෝහලේ නව ළදරු විශේෂ ප්‍රතිකාර ඒකකයට යොමු කිරීමට වෛද්‍යවරු කටයුතු කර තිබේ.
 

views

297 Views

Comments

arrow-up