DEC
25
ගේට්ටුවක් කඩා වැටී 3 හැවිරිදි සිඟිති දියණියක් ජීවිතක්ෂයට

නිවසේ ගේට්ටුව ඇඟ මතට කඩා වැටීමෙන් ඊයේ පස්වරුවේ 3 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ දොඩම්ගස්ලන්ද තෙලඹුගල්ල ප්‍රදේශයේදීය.
මොහොමඩ් ඉර්ෂාඩ් මරියම් නැමැති දැරිය තම ඥාති සොහොයුරෙකු සමඟ සෙල්ලම් කිරීමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
දරුවන් දෙදෙනා ගේට්ටුවෙ එල්ලී සිටින අතරවාරයේ එය ඔවුන් දෙදෙනාගේ ඇග මතට කඩා වැටී තිබෙනවා.
සිද්ධියෙන් බරපතළ තුවාල ලද දැරිය රෝහල් ගත කරන විටත් මිය ගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.
828 Views
Comments