ගැරඬිඇල්ලේ ගසාගෙන ගිය කපිතාන්ගේ සිරුර හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

ගැරඬිඇල්ලේ ගසාගෙන ගිය කපිතාන්ගේ සිරුර හමුවෙයි

ගැරඬිඇල්ලේ ගසාගෙන ගිය කපිතාන්ගේ සිරුර හමුවෙයි

කුරුවිට, වලඳුර ගැරඬිඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වූ යුද හමුදා කපිතාන් සුරන් රණසිංහ මහතාගේ සිරුර කුරුගඟේ තිබියදී ඊයේ(06) සොයා ගත් බව කුරුවිට පොලීසිය කියයි.

 

කුරුවිට ගැමුණු හේවා ⁣රෙජිමේන්තුවේ සේවය කරමින් සිටි කැප්ටන් සුරන් රණසිංහ දෙදරු පියෙක් වන අතර මොහු මිල්ලවිටිය පදිංචිකරුවෙකුවේ.

 

වලඳුර, ගැරඬිඇල්ලේ පිහිටි දියවලක මිතුරන් සිව්දෙනකු සමඟ පසුගිය 05 වනදා පස්වරුවේ දිය නෑමට ගොස් තිබේ.

 

මෙම අයගෙන් ⁣දෙදෙනකු දිය නා ගොඩට පැමිණ ඇති අතර අනෙක් දෙදෙනා දිය නාමින් සිටියදී එකවරම පැමිණි සැඩ පහරකට හසුව ගසා ගෙන ගොස් තිබේ. 

 

එක් අයෙකු ගසක අත්තක එල්ලි දිවි ගලවාගෙන ඇති අතර අතුරුදන් වූ කපිතාන්වරයා ඊයේ(06) සවස වන තෙක්ම සොයා ගැනීමට නොහැකිවූ බව පොලීසිය කියයි.

views

786 Views

Comments

arrow-up