JUN
22
කොටන තුවක්කුව ජීවිතයක් බිලි ගනී

අඹන්පොල - ආගරේ ප්‍රදේශයේ පොල් වත්තක සවිකර තිබූ තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් 16 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දරුවා තම මව සහ පියා සමඟ අදාළ ඉඩමට ගොස් ඇති අතර, දරුවාව එහි තිබූ පැලක නතර කර දෙමාපියන් අසල කුඹුරකට ගොස් ඇත.
පොල් ඉඩම දෙසින් වෙඩි හඬ ඇසීමෙන් පසු දෙමාපියන් එම ස්ථානයට පැමිණි විට තම දරුවා වෙඩි වැදී වැටී සිටිනු දැක තිබේ. දරුවාව කඩිනමින් රෝහල් ගත කිරීමට ඔවුන් පියවර ගෙන තිබුණත් අවසානයේ අවසනාවන්ත ලෙස දරුවා මියගොස් තිබුණි.
222 Views
Comments