වහාම ක්‍රියාත්මක වන පරිදි ලාම්පුතෙල් මිල පහත දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

වහාම ක්‍රියාත්මක වන පරිදි ලාම්පුතෙල් මිල පහත දමයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ලාම්පුතෙල් මිල පහත දමයි

වහාම ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50 කින් අඩු කිරීමට කටයුතු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරයි.

 

ඒ අනුව භූමිතෙල්  ලීටරයක නව මිල රුපියල් 305 ක් ලෙස දැක්වේ.

 

අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදු වන බව එම සංස්ථාව පවසයි.

 

තවද ,ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 134 කින් අඩු කොට තිබේ. ඒ අනුව රුපියල් 464 ක් ලෙස පැවති එම ලීටරයක නව මිල රුපියල් 330 ක් ලෙස දැක්වේ.

 

කෙසේ නමුත්, පෙට්‍රල් ඩීසල් ඇතුළු අනෙකුත් ඉන්ධනවල මිලෙහි වෙනසක්  මීට අදාළව සිදු නොවන බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

එම නිවේදනය පහතින් දැක්වේ.

 

 

views

271 Views

Comments

arrow-up