"ආණ්ඩුව රටේ සම්පත් විශාල වශයෙන් විකුණන සූදානමක සිටිනවා" - රෝහණ ලක්ෂ්මන් පියදාස
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

"ආණ්ඩුව රටේ සම්පත් විශාල වශයෙන් විකුණන සූදානමක සිටිනවා" - රෝහණ ලක්ෂ්මන් පියදාස

"ආණ්ඩුව රටේ සම්පත් විශාල වශයෙන් විකුණන සූදානමක සිටිනවා" - රෝහණ ලක්ෂ්මන් පියදාස

ආණ්ඩුව රටේ සම්පත් විශාල වශයෙන් විදේශයන්ට විකුණා දැමීමේ සූදානමක සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

 

ඔහු සඳහන් කළේ, මෙරට පවතින විදුලි බලාගාර ඇතුළු බොහෝ සම්පත් විදේශයන් විසින් අත්පත් කර ගැනීමේ උත්සාහයක නිරතවෙමින් සිටින අතර ඒ සඳහා ආණ්ඩුව ද මැදිහත් වෙමින් පවතින බවය.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සියල්ලට විරුද්ධ වන අතර වත්මන් ආණ්ඩුව පිහිටුවීමට සහාය දැක්වූයේ පැවති දේශපාලන වාතාවරණය තුළ ගත හැකි ආසන්න ම යහපත් පියවර එය ලෙස සලකා බව ඔහු පැවසීයය.

 

එසේ සහාය දැක්වූයේ ඇතැම් එකඟතා සහ පොරොන්දු මත නමුත් මේ වන විට එම සියලු එකඟතා අමතක කර දමා ආණ්ඩුව දුන් පොරොන්දු එකකුදු ඉටු කර නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

views

1208 Views

Comments

arrow-up