ඩොලර් මිලියන 100ක ලොතරැයි දිනුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

ඩොලර් මිලියන 100ක ලොතරැයි දිනුමක්

ඩොලර් මිලියන 100ක ලොතරැයි දිනුමක්

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලොතරැයි දිනුමකින් ඩොලර් මිලියන 100ක ජයක් හිමි වී ඇති බවයි.

 

 

ඔස්ට්‍රේලියාවෙන් මෙම සුවිශේෂී ජයග්‍රහණය වාර්තා වේ.

 

 

සිඩ්නි පදිංචිකරුවෙක් එරට දිනුම් අදින ලද Powerball ලොතරැයියේ ඩොලර් මිලියන 100ක පළමු ත්‍යාගය මෙලෙස හිමිකරගෙන ඇත.

 

 

මෙම ලොතරැයි ජයග්‍රහණය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දෙවන විශාලතම ජයග්‍රහණය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 

 

මීට පෙර 2019 වසරේදී ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ඩොලර් මිලියන 107ක ලොතරැයි ජයග්‍රහණයක් හිමිකරගෙන ඇති අතර එය එරට විශාලතම ලොතරැයි ජය ලෙස සැලකෙයි.

 

 

අදාළ පුද්ගලයා තමන් ලද ලොතරැයි ජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ එම මුදල භාවිත කර නිවසක් මිලදී ගැනීම සිය පළමු අරමුණ බවය.

 

 

views

241 Views

Comments

arrow-up