“මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින් ලක්ෂ 06ක් ඉවත් කරනවා” - වසන්ත සමරසිංහ

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මෙවර අයවැයෙන් කරන්න යන වෙනස්කම් ගැන මෙසේ පවසයි.
''ගහෙන් වැටුණ මිනිහට ගොං රංචුවක් අනිනව වගේ අයවැයක් වෙනවා මේක.
මේක බදු දඩ හා ගාස්තු සියල්ල විතරක් වැඩි කරන අයවැයක්.
රාජ්‍ය සේවකයින් ලක්ෂ 6 ක් අයින් කරන්න අදාළ යෝජනා මේකෙ එනවා. රටේ ජාතික සම්පත් විකුණන යෝජනා ටික එනවා.
ඊපීඑෆ් එකෙ තියන සල්ලි කොටසක් කපා ගන්නව.මේකට විරුද්ධ විය යුතුයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක එකඟතාවලට ආව නං ඒක කියන්න ඕන. හැබැයි කියන් නැත්තෙ ඇයි. ඒවා කිව්වොත් රටේ මිනිස්සු ගල්ගහාවි පාර්ලිමේන්තුවට ඇවිල්ල.''
238 Views
Comments