හොර පාරෙන් පාස්පෝට් ගන්න හැදූ 18ක් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

හොර පාරෙන් පාස්පෝට් ගන්න හැදූ 18ක් මාට්ටු

හොර පාරෙන් පාස්පෝට් ගන්න හැදූ 18ක් මාට්ටු

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ අංක සහ නිලමුද්‍රා සහිත ලේඛන සකසා ඉදිරිපත් කළ කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු ඊයේ(19)දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කර ඇති පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 

විදෙස්ගත වීම සඳහා අවශ්‍ය ගමන් බලපත්‍ර ලබාගැනීමට කූඨ ලෙස සකස් කරන ලද ලේඛන අතැතිව දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රැඳී සිටි පුද්ගලයින් දහ අට දෙනෙකු අවස්ථා කිහිපයකදී අහඹු ලෙස පරීක්ෂා කොට අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

 

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පදිංචි සියලු‍ම පුද්ගලයින් ලේඛන රැගෙන ඒමේදී තබන නිල මුද්‍රාව සහ එහි සඳහන් අංක ඉතා සූක්ෂම අයුරින් ව්‍යාජ අන්දමින් වෙනස් කොට මෙම ලේඛන සකස් කර ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

 

දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රයේ ඉහළින් සටහන් තබන බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාගේ නිල මුද්‍රාවද ව්‍යාජ අයුරින් සකස් කොට මුද්‍රා තබා ඇති බව එම ලේඛන පරීක්ෂා කිරීමේදී දැකගැනීමට හැකි වූ බවත් පොලිසිය පවසයි.

views

147 Views

Comments

arrow-up