ඇමෙරිකාව ආරුගම්බේ ප්‍රදේශය සඳහා පැනවූ සංචාරක සීමා ඉවත්කරයි

ආරුගම්බේ ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය.
පසුගිය ඔක්තෝබර් 23 වනදා අමෙරිකානු තානාපති කාර්යාලය මගින් අදාළ සංචාරක සීමාවන් පනවනු ලැබුවේ එම ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ලවෙතැයි ලැබුණු බුද්ධි වාර්තා පදනම් කරගනිමිනි.
කෙසේ නමුත් එම සීමාවන් දැන් ඉවත්කර ඇති බැවින් ශ්‍රී ලංකාව සඳහා වූ සිය සංචාරක උපදේශනය යාවත්කාලීන කරන බවද අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
ආරුගම්බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස සිය තානාපති කාර්යාල නිලධාරීන් ට සහ අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය ඔක්තෝබර් 23 වනදා අනතුරු ඇඟවීය.
එම තානාපති කාර්යාලය පැවසුවේ ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන වලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඔවුන්ට විශ්වසනීය තොරතුරු ලැබී තිබූ බවයි.
150 Views
Comments