කොකේන් කරල් ගිල මෙරටට පැමිණි විදේශිකයෙක් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

කොකේන් කරල් ගිල මෙරටට පැමිණි විදේශිකයෙක් මාට්ටු

කොකේන් කරල් ගිල මෙරටට පැමිණි විදේශිකයෙක් මාට්ටු

කටුනායක ගුවන්තොටුපොළේ සේවයේ නියුතු මත්ද්‍රව්‍යනාශක ඒකකයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට ඇති සැකය මත සියරාලියෝන් ජාතිකයෙක්ව ඊයේ (12) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

 

පසුව සිදුකළ ස්කෑන් පරීක්ෂාවකදී හෙළිවී ඇත්තේ ඔහු සිය සිරුරේ මත්ද්‍රව්‍ය සඟවා ගෙන පැමිණ ඇති බවයි.


  
සැකකරු 32 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු තුර්කි ගුවන්යානයකින් මෙරටට පැමිණ තිබුණි.

 

පසුව මීගමුව රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව, ඔහු ගිල තිබූ මත්ද්‍රව්‍ය සහිත කරල් 17ක් ඉවතට ලබාගෙන තිබුණි.

 

එම සැකකරු සහ මත්ද්‍රව්‍ය සහිත කරල් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයට බාරදී ඇත.


 
එම මත්ද්‍රව්‍ය කොකේන් ලෙස හඳුනාගෙන ඇති අතර එහි වීථි වටිනාකම රුපියල් මිලියන 13ක් බව සඳහන් ය.

views

141 Views

Comments

arrow-up