ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 51ක් අතුරුදහන්

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් 2022 වසරේ අවසානය දක්වා සොයාගත නොහැකිවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම වාහනවල වටිනාකමක් හෝ සොයා ගැනීමට නොහැකිවූ බවද එම වාර්තාවේ දැක්වේ.
මේ අතර ජනාධිපති කාර්යාලය සතු වාහන 53ක් වෙනත් රාජ්‍ය ආයතන ,විහාරස්ථාන, ආගමික නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහස් කර ඇති අතර මෙම වාහන අතුරින් වාහන 27ක් සඳහා එම කාර්යාලය නඩත්තු වියදම් ලෙස 2022 වසරේදී රුපියල් එක් කෝටි තිස් හත් ලක්ෂයක් වැය කර ඇති බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන වෙනත් ආයතනවලට ලබාදී තිබුණද එම වාහන විධිමත් අනුමැතියක් යටතේ විධිමත් ක්‍රමවේදයකට පැවරීම කර නොතිබූ බවද එම විගණන වාර්තාවේ දැක්වේ.
282 Views
Comments