ගුවන් සේවයේ නිරත වූ සහාය නියමුවකු හදිසියේ මරණයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

ගුවන් සේවයේ නිරත වූ සහාය නියමුවකු හදිසියේ මරණයට

ගුවන් සේවයේ නිරත වූ සහාය නියමුවකු හදිසියේ මරණයට

කටුනායක පොලීසිය සඳහන් කළේ රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය නියමුවකු හදිසියේ මරණයට පත් වී ඇති බවයි.

 

 

මෙම සහාය ගුවන් නියමුවා මිය ගොස් ඇත්තේ ඔවුන් නැවතී සිටි කටුනායක පීල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයේ කානුවකට ඇද වැටීමෙන් බව සඳහන් වේ.

 

 

ඔහු 63 හැවිරිදි වියෙ පසු වූ පුද්ගලයෙක් බව වාර්තා වේ.

 

 

මරණයට හේතුව හෘදයාබාධයක් විය හැකි බවට සැක කරනු ලබයි.

 

 

මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද මීගමුව මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතය.

 

 

මෙම සහාය ගුවන් නියමුවා අද දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යන එරොෆ්ලොට් ගුවන් යානයේ සහාය නියමුවා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටියේය.

 

 

views

271 Views

Comments

arrow-up