ජනබලය ගොඩනගන වෘත්තීය සමිති සමුළු
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

ජනබලය ගොඩනගන වෘත්තීය සමිති සමුළු

ජනබලය ගොඩනගන වෘත්තීය සමිති සමුළු

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාන විසින් ජන බලය ගොඩනඟන සමුළු මාලාවක් සංවිධානය කර ඇත. එම සමුළු දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලැබේ.



රාජ්‍ය සම්පත්, දේපළ මෙන්ම රාජ්‍ය ආයතන විකිණීමට, EPF/ETF කොල්ලයට, ජීවන බරට, මර්දනයට, මැතිවරණ කල් දැමීමට, බදු බරට එරෙහිව මෙම විරෝධතා සමුළු පවත්වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.


එහි පළමු විරෝධතා සමුළුව ලෙස ගම්පහ දිස්ත්‍රික් සමුළුව 13 වනදා ගම්පහ සුමේධ විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. ඊට වෘත්තීය සමිති ගණනාවක් නියෝජනය කරමින් නියෝජිතයන් විශාල පිරිසක් එක්ව සිටියේය.


ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් හා ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, ලංකා ගුරුසේවා සංගමයේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් රෝහණ රත්නායක, වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණී රත්නායක, සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් එස්.කේ. මුණසිංහ ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයින් ඊට එක්විය.

views

280 Views

Comments

arrow-up