මුහුදු යන ධීවරයන්ට කාළගුණ විද්‍යා ‌දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

මුහුදු යන ධීවරයන්ට කාළගුණ විද්‍යා ‌දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

මුහුදු යන ධීවරයන්ට කාළගුණ විද්‍යා ‌දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. මේ වන විට ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ කැළඹිලි ස්වභාවය වර්ධනය වීම මෙයට හේතුවයි. මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදී අඩු පීඩන කලාපයක් දක්වාත් පසුව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය විය හැකි බව ඔවුන් සඳහන් කරයි.

 

මෙම නිසා උතුරු අක්ෂාංෂ 5 ත් 110 ත් අතර, නැගෙනහිර දේශාංශ 90 ත් 100 ත් අතර සහ උතුරු අක්ෂාංෂ 1 ත් 4 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 85 ත් 92 ත් අතර මුහුදු ප්‍රදේශ වලට ඉදිරි දින කිහිපයේදී යාත්‍රා නොකරන ලෙසත්, එහිදී එම ප්‍රදේශවල ධීවර කටයුතු වල යෙදී සිටින පිරිසට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

views

280 Views

Comments

arrow-up