අසාධාරණ බදු ප්‍රතිපත්ති වලට එරෙහිව අද දින ද සාකච්ඡා කරන බව වෛද්‍ය චමිල් විජේසිංහ කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

අසාධාරණ බදු ප්‍රතිපත්ති වලට එරෙහිව අද දින ද සාකච්ඡා කරන බව වෛද්‍ය චමිල් විජේසිංහ කියයි

අසාධාරණ බදු ප්‍රතිපත්ති වලට එරෙහිව අද දින ද සාකච්ඡා කරන බව වෛද්‍ය චමිල් විජේසිංහ කියයි

අද (13) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව රැස්වෙයි.එලෙස රැස්වන්නේ, රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ය. ඊට වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, විදුලි ඉංජිනේරු සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය, ලංකා බැංකු සේවක සංගමය ඇතුළු වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති 40 ක් ඇතුළත් වේ.

 

සිය සංගමයේ ප්‍රධාන කාර්යාලයේදී වෘත්තීයවේදීන්ගේ මෙම රැස්වීම පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසා සිටී.

views

276 Views

Comments

arrow-up