නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර ගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර ගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර ගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර ගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු බත්තරමුල්ල ප්‍රදේශයේ දී තලංගම පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

 

තලංගම පොලිසියට ලැබුණු තොරතුරක් මත බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක සිදු කළ වැටලීමකදී අදාළ සැකකරුවන් දෙදෙනා සහ ඩීසල් ලීටර් 84ක් හා පෙට්‍රල් ලීටර් 31ක් පොලිස් භාරයට ගෙන ඇත.

 

36 හැවිරිදි හා 42 හැවිරිදි වියේ පසුවන සැකකරුවන් දෙදෙනා කන්තලේ සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

 

ඔවුන් බත්තරමුල්ල ප්‍රදේශයේ තාවකාලිකව නතර වී සිට ඇත.

 

සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

247 Views

Comments

arrow-up