අගමැතිතුමා දුරකථනයට ඉක්මනින් කතා කරන්නේ නෑ - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

අගමැතිතුමා දුරකථනයට ඉක්මනින් කතා කරන්නේ නෑ - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

අගමැතිතුමා දුරකථනයට ඉක්මනින් කතා කරන්නේ නෑ - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙරේදා(22) පස්වරුවේ නාරාහේන්පිට අභයාරාමයට පැමිණ ආගමික වතාවත්වල නිරත වූ අවස්ථාවේ දී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අග්‍රාමාත්‍යවරයාට අනුශාසනාවක් සිදු කළා.

" අද එක් එක්කෙනාට කියන ලොකුම චෝදනාව තමයි හොරා හොරා හොරා කියලා නමුත් අපි දන්නවා කියන්න බොරලුගොඩ පරම්පරාවට අහල නෑ කවදාවත් මේ හොරා හොරා කියන වචනය.එතුමා නිරන්තරවම ආගමික ශ්‍රද්ධාවක් ඇති බෞද්ධයෙක්.ඔහු කාඩ්බෝඩ් බෞද්ධයෙක් නෙමෙයි.ඔහුගේ ශ්‍රද්ධා ගුණය කිසිදාක අඩුවෙලා නැහැ.නමුත් ඔබතුමාගේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි දුරකථනයට ඉක්මනින් කතා කරන්නේ නැති එක " ලෙස උන්වහන්සේ එම දේශනාවේදී ප්‍රකාශ කර සිටියා.

එහි දී ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයාට මහා සංඝරත්නය ආශිර්වාද සිදු කරනු ලැබුවා.

views

244 Views

Comments

arrow-up