ඩෙංගු මදුරුවන් එළවද්දී අභිරහස් ලෙස මතුවූ මිනිස් හිස

කුරුවිට එරත්න මාර්ගයේ එන්නැළිගොඩ ප්‍රදේශයේ පාර අයිනේ වත්තක තිබී මිනිස් හිස් කබලක් පසුගිය පළමුවනදා (01) සවස හමු වී ඇතැයි කුරුවිට පොලීසිය පවසයි.
ඩෙංගු මදුරුවන් බෝ වීම වැළැක්වීමට ඉඩමේ වල් නෙළද්දී මෙම හිස් කබල හමු වී ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
හිස් කබලේ යටි හණුව පෙන්නෙන්නට නැති බව ද පොලීසිය කියයි. මෙය වසර කිහිපයකට පෙර මියගිය තැනැත්තකුගේ බවට පොලීසිය සැක කරයි.
මේ අතර, හිස් කබල හමු වූ ස්ථානයේ වෙළෙඳසලක් පවත්වාගෙන යන පිරිසක් මීට දින කිහිපයකට පෙර යාතු කර්මයක් කළ බවත්, ඊට ගෙනා මිනිස් හිස් කබල මෙම ඉඩමට වීසි කර ඇති බවට සැක කරන බවටත් ප්‍රදේශවාසීන් පවසා ඇතැයි පොලීසිය කියයි. මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය පවත්වන තෙක් එතැනට පොලිස් ආරක්ෂාව යොදා තිබුණි.
මෙම මිනිස් හිස් කබල තොවිලයකට ගෙන ආ එකක් ද, එසේ නම් එය ගොඩගත්තේ කොතැනින් ද යන්න පිළිබඳව මෙන්ම, යම් අපරාධයක් සිදු කර මරා දැමූ පුද්ගලයකුගේ හිස් කබලක් ද නැද්ද යන්න සොයා ගැනීමට විමර්ශන පවත්වයි.
242 Views
Comments