අහිංසක සතෙකුටවත් ඉන්න නොදෙන තිරිසන් මිනිස්සු - හදවත සසල කරවන කතාවක සුළ මුල එළියට

සුනඛයෙකු අල්ලා ඌට පොරවකින් කොටමින් දැඩි ලෙස හිංසාවට පත් කිරීම සම්බන්ධයෙන් යාපනයේ පුංගුඩුතීව් ප්‍රදේශයේ තරුණයින් තිදෙනකු කයිට්ස් පොලීසිය විසින් පසුගිය 05 වනදා අත්අඩංගුවට ගෙන ඇත.
අදාල තරුණයින් තිදෙනා සුනඛයා අල්ලා ගැනීමේ සිට මරා වළ දමන අවස්ථාව දක්වා දර්ශන පෙලක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙන අතර ඒ ඔස්සේ පොලිසියට ලද තොරතුරු මත සිද්ධියට සම්බන්ධ මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
සුනඛයා මරා දමන අවස්ථාව වීඩියෝ කළ හා ඡායාරූප ලබාගත් ජංගම දුරකතනයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම තිරිසන් ක්‍රියාවට සම්බන්ධ ප්‍රධාන තරුණයා පොලිසියට බියෙන් පළාතෙන් පලා ගොස් ඇති අතර ඔහුවද පසුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබිණි.
359 Views
Comments