බෙන්තොට තරුපහේ හෝටලයක කොවිඩ් පොකුරක්

බෙන්තොට ප්‍රධාන පෙලේ තරු පන්තියේ සංචාරක හෝටලයක සේවක සේවිකාවන් 32ට සහ සංචාරයට පැමිණි විදෙස් සංචාරකයින් තිදෙනෙක් ඇතුළු තිස් පස් දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසුවේ.
එම සංචාරක හෝටල් කාර්ය මණ්ඩලයේ ආසාදිත පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායනයට යොමුකර ඇති අතර සෙසු කාර්ය මණ්ඩල සේවකයන්ද පි.සි.ආර් පරීක්ෂණ වලට යොමු කල බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියෙක් පැවසීය.
673 Views
Comments