අයිස්,හෙරොයින් භාවිත කළ බස් රියදුරන් 19 ක් ඇල්ලු මෙහෙයුම
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

අයිස්,හෙරොයින් භාවිත කළ බස් රියදුරන් 19 ක් ඇල්ලු මෙහෙයුම

අයිස්,හෙරොයින් භාවිත කළ බස් රියදුරන් 19 ක් ඇල්ලු මෙහෙයුම

අයිස්,හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන බස්නාහිර පළාත්  රියදුරන් සම්බන්ධයෙන් සිදු කළ හදිසි වැටලීමකින් මසක් ඇතුළත බස් රථ රියදුරන් 19 දෙනෙකු ඇතුළු සමස්ත රියදුරන් 68 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් රථ වාහන මූලස්ථානය සදහන් කරයි.

 

 

බස්නාහිර පළාත ආවරණය වන පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කොට ඇති අතර ඒ සඳහා විෂ මත්ද්‍රව්‍ය ශරීර ගත වී ඇතිදැයි සොයන  නවතම උපකරණක් ( Multi - Drug test cup ) භාවිත කර ඇත.

 

 

මෙහිදී විෂ මත්ද්‍රව්‍ය පානය කළ බස් රියදුරන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් වැඩිම රියදුරන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ පොලිස් කොට්ඨාසයෙනි.

 

 

කොළඹ කොටුව ඇතුළු කොළඹ නාගරික සීමාවෙන් බස්‍ රථ රියදුරන් 6 දෙනෙකුද සහ ගල්කිස්ස ප්‍රදේශයෙන් බස් රියදුරන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

 

 

මෙම බස් රියදුරන් අංක 138 හයිලෙවල් මාර්ගය,දෙහිවල කරගම්පිටිය බස් මාර්ගය,අවිස්සාවේල්ල පරණ බස් මාර්ගය ඇතුළු බස් මාර්ග කිහිපයකට අයත් රියදුරන් බවද පොලිසිය පවසයි.

 

 

එසේම මෙහිදී අයිස් හෙරොයින් ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පානය කළ යතුරුපැදියකරුවන් 24 දෙනෙකු ,ත්‍රීවිල් රථ රියදුරන් 18 දෙනෙකු  හා මෝටර් රථ රියදුරෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

නියමු වැඩ සටහනක් වශයෙන් මෙය ඉකුත් මැයි 19 සිට ඉකුත් ජුනි 19 වැනිදා දක්වා කාලය තුළ රථ වාහන පාලන් හා මාර්ග ආරක්ෂණ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩගේ ගේ උපදෙස් හා මෙහෙයවීම මත ක්‍රියාත්මක කොට ඇත.

 

 

එසේම මෙම විශේෂ මෙහෙයුම ලබන අගෝස්තු මස පළමු වැනිදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියනිමිත අතර එහිදී මෙම විශේෂ උපකරණය ඔස්සේ  ලබා ගන්නා කේඨ සාම්පල් ඔස්සේ අනාවරණය වන තැනැත්තා  ළඟම ඇති රජයේ රෝහලක වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කොට ලේ සාම්පල් ඔස්සේ ඔහු භාවිත කර ඇති මත්ද්‍රව්‍ය වර්ගය තහවුරු කර ගැනීමට කටයුතු කරන බවද පොලිසිය පවසයි.

 

 

මේ දක්වා අත්අඩංගුවට ගත් පිරිසගෙන් දෙදෙනෙකුට බරපතළ සහිත සිරදඬුවම් ලබා දී ඇති අතර තවත් 15 දෙනෙකුට දඩ පමුණුවා රියදුරු  බලපත්‍ර අත්හිටුවා ඇත.

 

 

මෙලෙස අත්අඩංගුවට පත්වන රියදුරන් හට විෂ මත්ද්‍රව්‍ය ලැබුණේ කුමන ආකාරයෙන්ද් යන්න් සෙවීම සදහා පුළුල් විමර්ශන මේ වන විට ආරම්භ වී ඇති අතර මෙම විශේෂ් උපකරණය ඔස්සේ ගංජා,හෙරොයින් ,අයිස්,මත්පෙති හා කොකේන් යන් විෂ මත්ද්‍රව්‍ය ශරීර ගත වී ඇති දැයි යන්න පරීක්ෂා කළ හැක.

views

184 Views

Comments

arrow-up