අල වෙනුවට කුඩු ගෙනා තිදෙනෙක් පොලිස් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

අල වෙනුවට කුඩු ගෙනා තිදෙනෙක් පොලිස් දැලේ

අල වෙනුවට කුඩු ගෙනා තිදෙනෙක් පොලිස් දැලේ

ආර්තාපල් ආනයනය කරන මුවාවෙන් හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 16යි ග්‍රෑම් 193ක් ජාවාරම් කිරීමේ සිද්ධියට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

 

පසුගිය 21 වනදා රේගු නිලධාරින් හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් එක්ව පාකිස්තානයේ සිට මෙරටට ආර්තාපල් ආනයනය කරන ලද සැකකටයුතු බහාලුමක් පරික්ෂා කර තිබුණ අතර එහිදී සූක්ෂම ලෙස පාර්සල් 12ක සඟවා තිබියදී මෙම හෙරෝයින් තොගය සොයාගනු ලැබුවේය.

 

 

බහාලුම ආනයනය කරන ලද ආයතනයේ අධ්‍යක්ෂවරුයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු, එම ආයතනයේ හිමිකරු, හා ඊට අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

views

194 Views

Comments

arrow-up