FEB
12
අනාරක්ෂිත ලිඳකට වැටී දරුවෙකු මිය යයි

කරණ්දෙනිය මහගොඩ ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටී සිව් හැවිරිදි පිරිමි දරුවෙක් අද (12) මියගොස් ඇති බව පොලිසිය පවසයි.
දරුවා නිවසේ නොමැති බව දැනගත් නිවැසියන් දරුවා පිළිබඳ සොයා බැලීමේදී නිවසට යාබදව තිබූ අනාරක්ෂිත ළිඳ අසල පරික්ෂා කිරීමෙන් පසු දරුවා පැළඳ සිටි පාවහන් ළිදේ පාවෙමින් තිබෙනු දැක ඇති අතර පසුව ලිං පතුල පරික්ෂා කිරීමේදී දරුවාගේ සිරුර හමුවී ඇත.
270 Views
Comments