MAY
04
රු. ට්‍රිලියන 03ක මුදල් මෑතකදී අච්චු ගැහුවා

වත්මන් ආණ්ඩුව මෑතකදී රුපියල් කෝටි තුන් ලක්ෂයක (3,000,000,000,000) මුදල් මුද්‍රණය කර ඇතැයි හිටපු නියෝජ්‍ය කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා චෝදනා කර සිටිනවා.
ඒ, ඊයේ(04) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
ඒ හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව අධිඋද්ධමනයක් සහිත රටක් බවට පත්වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එවැනි විශාල මුදලක් නිකුත් කළ පසු එය පාලනය කිරීම සඳහා උපකරණ තිබුණ ද වත්මන් ආණ්ඩුව එම උපකරණ ද මුදල් සංසරණය වේගවත් කිරීමට භාවිත කළ බවට ඔහු එහිදී චෝදනා කර සිටිනවා.
722 Views
Comments