SEP
08
ඖෂධීය කංසා වගාවට අවසර හිමිවේ

ඖෂධීය කංසා වගාවට අවසරය හිමිවන ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
මේ සඳහා ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 5 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර, එය නෛතිකව බලාත්මක වීම අදාළ නිවේදනය මගින් සිදු කෙරෙයි.
262 Views
Comments