සා/පෙළ ජයගන්න සිටි සිසුවා ඩෙංගු මාරයාට පරදියි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

සා/පෙළ ජයගන්න සිටි සිසුවා ඩෙංගු මාරයාට පරදියි

සා/පෙළ ජයගන්න සිටි සිසුවා ඩෙංගු මාරයාට පරදියි

මෙවර පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වීමට නියමිතව සිටි සිසුවෙකු විභාගය ආරම්භක දිනයේ ඩෙංගු මාරයාට බිලිවී ජීවිතයට සමුදුන් අතිශය ඛේදනීය පුවතක් සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයට අයත් කිරිබත්ගොඩ මාකොල දකුණ උදාන මාවතෙන් වාර්තාවේ.

 

මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවී ඇත්තේ ගම්පහ සුමේධ විද්‍යාලයේ 11 වසර ඉගෙනුම ලැබූ හිරුන් දිනුජය නැමති 17 හැවිරිදි ශිෂ්‍යයෙකි.

 

2005/ 12 /18 වන දින උපන් හිරුන් දිනුජය පවුලේ එකම දරුවා ලෙස දෙමාපියන්ගේ දැඩි ආදරය රැකවරණය මත හැදී වැඩී ඇත.

 

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සූදානමින් දැඩි වෙහෙසක් ගෙන විභාග කඩඉම ජයගැනීමට වෙහෙසුණු දිනූජට පසුගිය සිකුරාදා හදිසියේම උණ රෝගය වැළඳී ඇති අතර දෙමාපියන් ඔහුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී දිනූජ සෙනසුරාදා සවස අවසන් හුස්ම හෙළා ඇත.

 

සිය මවත් පියාත් සෝ සයුරක ගිල්වමින් දිනූජ සඳුදා සවස මාකොළ දකුණ පොදු සූසාන භූමියේදී අවසන් ගමන් ගියේ ඩෙංගු මාරයා බිළිගත් නාම ලේඛනයට එක්වෙමිනි.

views

644 Views

Comments

arrow-up