දුම්රිය එන්ජිම වනාන්තර ප්‍රදේශයක නතර වීමෙන් මගීන් දැඩි දුෂ්කරතාවයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

දුම්රිය එන්ජිම වනාන්තර ප්‍රදේශයක නතර වීමෙන් මගීන් දැඩි දුෂ්කරතාවයට

දුම්රිය එන්ජිම වනාන්තර ප්‍රදේශයක නතර වීමෙන් මගීන් දැඩි දුෂ්කරතාවයට

මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා ධාවනය වූ දුම්රිය එන්ජිමක් හදිසියේ කාර්මික දෝෂයකට ලක්වීම නිසා එම දුම්රිය වවුනියාවේ ආණ්ඩියාපුලියන්කුලම ගම්මානයේ පිහිටි වනාන්තර ප්‍රදේශයක පෙරේදා(15) නතර වී තිබේ.

 

දුම්රියේ ගමන් කළ මඟීන් මේ ප්‍රශ්නය හේතුවෙන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පෑ අතර ඔවුන් විශාල දුරක් පයින් ගොස් බස් රථවල නැඟී මන්නාරමට ගොස් ඇත.

 

ක්‍රියා විරහිත වූ එන්ජිම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අනුරාධපුරයේ සිට ඉංජිනේරු කණ්ඩායමක් දුම්රිය නතර වී ඇති ආණ්ඩියාපුලියන්කුලම ප්‍රදේශයට ගොස් ඇත. 

 

නතරවූ දුම්රිය නිසා මැදවච්චියේ සිට මන්නාරමට දුම්රිය ධාවනය කරවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

views

676 Views

Comments

arrow-up