වෘත්තිය සමිති 2000 ක් අඛණ්ඩ වැඩ වර්ජනයක

සියලූම වෘත්තිකයින් මේ වනවිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වනවා.'
ඒ අනුව මෙම වැඩ වර්ජනයට සියලූම රාජ්‍ය, පෞද්ගලික, අර්ධ රාජ්‍ය යන සියලූම පාර්ශ්ව නියෝජනය වන පරිදි වෘත්තිය සමිති 2000 ක් පමණ ඊට එක්වන බවයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසුවේ.
මෙම වෘත්තීය වැඩ වර්ජනය සමග අත්‍යවශ්‍ය සේවා ද ඇනහිටිනු ඇති.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සමස්ථ සාමාජිකයින් අද සිට නැවත දැනුම් දෙනතුරු සියලූ රාජකාරීවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඊයේ දින අරලිය ගහ මන්දිරයට එක් වූ පිරිසක් ගාලූමුවදොර සාමකාමී විරෝධතාකරුවන් ඉලක්ක කරගනිමින් සිදු කළ ප්‍රහාරය පිළිකුළෙන් යුතුව හෙලාදකිමින් ඊට විරෝධය දක්වමින් එම සංගමය මෙම තීන්දුව ගත් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කලා.
613 Views
Comments