ඉන්ධන බවුසරයට පහරදුන් ඉන්ධන ටැංකි හිමිකරු ඇතුළු 03ක් අත්අඩංගුවට

ඉන්ධන ටැංකි රථ හිමියන් වර්ජනයක් ක්‍රියාත්මක කර තිබියදී කොළොන්නාවේ සිට ගොඩකවෙල දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ ඉන්ධන බවුසරයකට මුල්ලේරියාව ගල්වාන හන්දිය ප්‍රදේශයේදී පහරදී අලාභහානි සිදුකිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඉන්ධන ටැංකි රථ හිමිකරුවෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ඉන්ධන ටැංකි රථ හිමිකරු වර්ජනයේ නිරත අයෙකු බවත්, වර්ජනය නොතකා ඉන්ධන ප්‍රවාහනය නිරත වීම හේතුවෙන් උරණව පිරිසක් යොදා ඊයේ(02) සවස මෙම ඉන්ධන බවුසරයට පහරදී අලාභානි සිදුකොට ඇති බවත් පොලීසිය කියයි.
සැකකාර ඉන්ධන රථ හිමිකරු මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනා අද(03) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
688 Views
Comments