APR
26
ගෑස් නෞකා දෙකක් දිවයිනට

ගෑස් මෙට්‍රික්ටොන් 3600ක් සහිත නෞකාවක් කොළඹ වරායට අද(26) පැමිණෙන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.
එම නැවේ ගෑස් ගොඩබෑමෙන් අනතුරුව හෙට දිනයේ සිට බෙදාහැරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ගෑස් මෙට්‍රික්ටොන් 3,600ක් සහිත තවත් නෞකාවක් එළැඹෙන 28 වනදා ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බවත් ලිට්‍රෝ සමාගම පවසයි.
මෙම නෞකා දෙකටම මේ වනවිටත් මුදල් ගෙවා ඇති බව එම සමාගම වැඩිදුරටත් කියා සිටී.
662 Views
Comments