සී සාන්න ඩීසලුත් නෑ, වපුරන්න පොහොරත් නෑ - විසඳුම් නැත්නම් යල කන්නයත් හබක්

කුඹුරු සැකසීමට ජලය නිකුත් කර දැන් දින 21 කත් පැනලා. තවමත් ගොවියාට කුඹුරු සී සාගන්න විදියක් නෑ.
ගොවියා කුඹුරට යනවාට වඩා සී සාන්න ඩීසල් හොයන්න තෙල් පෝලිම්වල රස්තියාදු වෙනවා. කඩිනම් විසඳුමක් නොදුනහොත් යල කන්නයේත් ගොවියාට හාමතේ ඉන්න සිදු වෙනවා යැයි වලව කලාපයේ ගොවි නායකයෝ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඊයේ (16 දා) පෙරවරුවේ පැවසීය.
වලව ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය මෙම ප්‍රවෘත්ති සාකච්ජාව කැඳවා තිබු අතර මේ සඳහා වලව වම් ඉවුර නියෝජනය කරමින් සූරියවැව, කිරිඉබ්බන්වැව, මයුරපුර කොට්ඨාසවල ගොවි නායකයන් එක්ව සිටි අතර වලව දකුණු ඉවුර නියෝජනය කරමින් චන්ද්‍රිකාවැව, මුරවැසිහේන හා අඟුණුකොළපැලැස්ස කොට්ඨාසවල ගොවි නායකයන්ද මේ සඳහා එක්ව සිටියහ.
687 Views
Comments