ඩීසල් 465, පෙට‍්‍රල් 444 - ඉන්ධන මිල යලි ඉහලට?

රජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38ක්, 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19ක් ඩීසල් ලීටරයකින් රුපියල් 131.55ක් සුපර් ඩීසල් ලිටරයකින් රුපියල් 136.31ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50ක් පාඩු ලබන බව අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය.
තෙල් සංස්ථාවට මෙම පාඩුව තවදුරටත් දරාගැනීමට හැකියාවක් නොමැති බවත් ඔහු කියා සිටියේ ජාතිය අමතමින් විශේෂ ප‍්‍රකාශයක් සිදුරමිනි.
අග්‍රාමාත්‍යවරයාට අනුව ඉන්ධන මිල යලිත් ඉහල යාමට නියමිත අතර වර්තමාන මිල හා තෙල් සංස්ථාව පාඩු නොලබන්නට නම් අලෙවි කල යුතු මිල ගණන් මෙසේය.
ඔක්ටේන් 92 පෙට්‍රල් - 338.00 - 422.00
ඔක්ටේන් 95 පෙට්‍රල් - 373.00 - 444.00
ඔටෝ ඩීසල් - 289.00 - 420.00
සුපර් ඩීසල් - 329.00 - 465.00
3270 Views
Comments