“පාඩු ලබන ගුවන් සේවය පුද්ගලීකරණය කළ යුතුයි” - අගමැති

දැඩි ලෙස අලාභ ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකරණය කිරීමට තමා යෝජනා කරන බවත් 2020 - 2021වර්ෂයේ පමණක් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 45ක් වන අතර 2021මාර්තු 31 වන විට එහි සමස්ත පාඩුව බිලියන 372ක් බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ජීවිතයටවත් ගුවන් යානයකට පය ගසා නොමැති රටේ දුගී දුප්පත් අහිංසක මිනිස්සුන්ටත් මෙි පාඩුව විඳීමට සිදුව ඇති බවද රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
තමා ජනතාවට කරුණු සඟවා බොරු කීමට කිසිසේත්ම කැමති නැතැයිද භයානක වූවත් අප්‍රසන්න ඇත්ත තත්ත්වය කීමට සිදුවන බවද කී අග්‍රාමාත්‍යවරයා ගෙවූ කාලයටත් වඩා දුෂ්කරම කාලයකට ඉදිරියේ දී අඩිය තියන්නට සිදුවන බවද රට ගොඩනැගීමට මිත්‍ර රටවල් සහයෝගය දීමට පොරොන්දු වී ඇති ඇති හෙයින් එතෙක් මාස කීපයක් දරාගෙන සිටීමනට සිදුවන බවද සඳහන් කළේය.
638 Views
Comments