තෙල් ඇමතිගේ නිවස කුඩු
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

තෙල් ඇමතිගේ නිවස කුඩු

තෙල් ඇමතිගේ නිවස කුඩු

බලශක්ති අමාත්‍ය සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකරගේ නිවස විරෝධතාකරුවන් විසින් ගිනිතබා තිබෙනවා.

 

කංචන විජේසේකර මහතාගේ මාතර කොටුවේ පිහිටි නිවසට ප්‍රහාරයක් එල්ල වීමත් සමග එම නිවසේ පදිංචි වී සිටි ඒ මහතාගේ පියා වන මහින්ද විජේසේකර මහතා හා ඔහුගේ බිරිද මාතර නගරයේ පුද්ගලික රෝහලක් වෙත ඇතුලත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

 

විශේෂයෙන්ම කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල වීම නිසා ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් එම පියවර ගෙන තිබේ.

 

කෙසේ කලහකාරීන් පිරිස එම නිවසට ගිනි තැබීමට කටයුතු කර තිබුන ද පොලීසිය එම උත්සාහය කදුලු ගෑස් ගසා ව්‍යාර්ථ කර තිබුණි.

 

එහෙත් නිවසට එහි දේපොල වලට හා වාහන වලට පොලු වලින් පහර දීම නිසා දැඩි අලාභ හානීයක් සිදු වී ඇත.

views

689 Views

Comments

arrow-up