නිට්ටඹුව උද්ඝෝෂණය අතරතුර මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්තිට ඇත්තටම මොකද වුණේ? (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

නිට්ටඹුව උද්ඝෝෂණය අතරතුර මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්තිට ඇත්තටම මොකද වුණේ? (VIDEO)

නිට්ටඹුව උද්ඝෝෂණය අතරතුර මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්තිට ඇත්තටම මොකද වුණේ? (VIDEO)

නිට්ටඹුව නගරයේදී අද පැවැති උද්ඝෝෂණයක් අතරට මන්ත‍්‍රීවරයකු මැදිවීමත් සමග ඇතිවූ ගැටුමකින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාද මෙම වෙඩි වැදීමකින් මිය ගොස් තිබේ.

 


මෙම මරණය සිදුව ඇත්තේ නිට්ටඹුව නගරයේදී අද පැවැති උද්ඝෝෂණයක් අතරට මන්ත‍්‍රීවරයා මැදිවීමෙනි.

 


වතුපිටිවල රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ වෙඩි වැදීමට ලක්වූ පුද්ගලයින් ශල්‍යකර්මයන් සඳහා භාජනය කළ බවයි.

 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයත් බව සැලකෙන වාහනයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
මේ අවස්ථාවේදී එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් විසින් එම වාහනයට පහරදී ඇත.

 

පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ සිය දිවි නසාගෙන තිබෙන බවටද මේ ගැන පළවන ඇතැම් වාර්තා වල සඳහන්වේ.


අද උදෑසන නිට්ටඹුව නගරයේ ආන්ඩුවට එරෙහි ව පැවති විරෝධතා ව්‍යාපාරයටකට එක් වූ පිරිසකට වෙඩි තැබීමෙන් පසු කුපිත වූ පිරිසක් ඔහුගේ මෝටර් රථයට සහ ඔහුට පහර දීමට උත්සාහ දැරීමේ දි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය පිස්තෝලයෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවත්, ඔහු සමඟ පැමිණි රියදුරු බවට සැලකෙන අනෙක් පුද්ගලයා ගෙල සිඳගෙන මිය ගිය බවත් දෙවැනි වාර්තාව කියයි.මෙම වාර්තාවන් තරමක් ව්‍යාකූල වන අතර මේ සම්බන්ධයෙන් තවම පොලිසිය පැහැදිලි කිරීම් කර නැත.

 

කෙසේ වෙතත් වෙඩි තැබීමේ සිද්ධියෙන් ප්‍රකෝප වූ පිරිස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රථයට පහර දී නගර මධ්‍යයේ එය පෙරළා දැමු බවද පැවසේ.
සිද්ධිය සිදුවූ ආකාරය ගැන පරීක්ෂණ සිදුවේ.

 


මියගිය මන්ත්‍රී අමරකීර්ති පිස්තෝලයක් අරන් දුවන සීසීටීවී දර්ශන පහතින්

 

 

views

801 Views

Comments

arrow-up