ඉතිහාසයේ වැඩිම මිලකින් පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහලට - වැඩි වන නව මිල ගණන් මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

ඉතිහාසයේ වැඩිම මිලකින් පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහලට - වැඩි වන නව මිල ගණන් මෙන්න

ඉතිහාසයේ වැඩිම මිලකින් පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහලට - වැඩි වන නව මිල ගණන් මෙන්න

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා වන යෝජනාව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට දෙවන වතාවටත් ඉදිරිපත් කර තිබේ.

 

පෙට්‍රල් සහ ඩීසල් අලෙවියෙන් වන පාඩුව පියවා ගැනීම සඳහා මිල වැඩිකිරීමක් මේ මොහොතේ අත්‍යවශ්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර ඇත.

 

දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙට්‍රල් ලීටරයක් රුපියල් 177කට අලෙවි කරන අතර යෝජනා කර ඇත්තේ එය රුපියල් 192ක් දක්වා ඉහළ නැංවිය යුතු බවටයි.

 
ඩීසල් ලීටරයක් දැනට රුපියල් 121කට අලෙවි වන අතර එය රුපියල් 169ක් දක්වා ඉහළ නැංවිය යුතු බවද එම යෝජනාවේ සඳහන් වෙයි.

 

මෙම මිල වැඩිකිරීම අනුමත වුවහොත් එය ඉතිහාසය තුල පෙට‍්‍රල් හා ඩීසල් අලෙවි වන ඉහලම මිල වනු ඇති බව වාර්තාවේ.

 

ඉන්ධන මිල යළි ඉහළ යනු ඇතැයි ඇති බිය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ඊයේ(15) දිනයේ දිගු පෝලිම් දක්නට ලැබුණි.

 

ඉන්ධන පිරවුම්හල් කිහිපයක ඉන්ධන නොමැතිකම නිසා තමන් අපහසුතාවට පත් වුණු බව ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරෝ පැවසූහ.

views

833 Views

Comments

arrow-up