රටින් ගේන සිමෙන්තිවල බදු ඉහළට

ආනයනික සිමෙන්ති සඳහා වන සෙස් බද්ද ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. සංශෝධිත බදු ජුනි 17 වැනිදා සිට ක්‍රියාත්මක වන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.
නව රෙගුලාසි යටතේ කෘත්‍රිම වර්ණ ගැන්වූ හෝ වර්ණ නොදැමූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑමයකට රුපියල් 3 සිට රුපියල් 5 දක්වා සෙස් බද්ද ඉහළ දමා ඇත. එසේම ආනයනික පෝට්ලන්ඩ් සිමෙන්ති කිලෝග්‍රෑම් 50 හෝ ඊට අඩු ඇසුරුම්වල සෙස් බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 5 සිට රුපියල් 8 දක්වා ඉහළ දමා ඇත.
කිලෝග්‍රෑම් 50 සහ ඊට වැඩි ඇසුරැම්වලින් තොග වශයෙන් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමෙන්ති කිලෝගෑම් 1ක් සඳහා අයකළ රුපියල් 3ක බද්ධ රුපියල් 5 දක්වා ඉහළ දමා තිබේ.
156 Views
Comments