මත්පෙති තුන් සියයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Pregabalin වර්ගයේ මත්පෙති තුන් සියයක් (300) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
වව්නියාව, කෝවිල්කුලම් මංසන්දිය අසලදී නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම අලෙවි කිරිම සඳහා රැගෙන යමින් තිබියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (12) දින උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ නිලධාරීන් පිරිසක් සහ මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව සිදුකල මෙම විශේෂ මෙහෙයුමේදී මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරු ලැබී තිබේ.
වව්නියාව කෝවිල්කුලම් මංසන්දිය අසලදී සැකකටයුතු පුද්ගලයෙකු නීරීක්ෂණයවීමෙන් පසුව සිදුකරන ලද පරික්‍ෂාවෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පියවර ගැනුණි.
නාවික හමුදාව සැකපලකර සිටියේ අදාල සැකකරු වව්නියාව ප්‍රදේශයේ පාසල් සිසුන් ඉලක්කකරගනිමින් පාසල් සිසුන්ට විකිණීම සඳහා මෙම මත්පෙති රැගෙන යමින් සිට ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වව්නියාව ප්‍රදේශයේ වයස අවුරුදු 41 ක් වන පදිංචිකරුවකි.
එම සැකකරු සහ මත්පෙති වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා වව්නියාව පොලීසිය වෙත භාර දෙන ලදී.
264 Views
Comments