බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය අභාවයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය අභාවයට

බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය අභාවයට

ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය මේ වන විට අභාවයට යමින් පවතී.

 

මේ සම්බන්ධව සොයා බැලීම සඳහා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එහි හදිසි සංචාරයක නිරත විය.

 

ගායන, වාදන හා නර්තන ඇතුළු සෞන්දර්ය විෂයන් සඳහා ලලිත කලාවේදී ඩිප්ලෝමා හැදැරීමේ නිසි පහසුකම් මීට පෙර මෙහි තිබුණ ද මේ වන විට ඒ සඳහා පවතින්නේ ඉතා අඩු පහසුකම් බව සිසුන් අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ

 

මේ වන විට එහි සිටින්නේ සිසුන් 69 දෙනෙකු පමණයි.

 

පසුව අමාත්‍යවරයා ජාතික තරුණ සේවා සභාවේ සභාපති ටිරාන් ද සිල්වා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් බෙල්වුඩ් නිකේතනයේ අඩුපාඩු සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර තිබේ.

 

views

364 Views

Comments

arrow-up