කෝටියකට අධික රත්‍රං තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
22

කෝටියකට අධික රත්‍රං තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

කෝටියකට අධික රත්‍රං තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

රුපියල් එක්කෝටි විසිහය ලක්ෂ අසූනව දහසක් වටිනා රත්‍රං තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී රේගු භාරයට ගෙන තිබේ.

 

27 හැවිරිදි සැකකරු නීතිවිරෝධී ලෙස මෙරටට රත්‍රං තොගයක් ගෙන ඒමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මෙලෙස රේගු භාරයට ගෙන තිබේ.

 

සැකකරු ඊයේ (22) උදෑසන ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ.

 

සැකකරු රත්‍රං බිස්කට් 05ක්, රත්‍රං ඉන පළඳනාවක් සහ රත්‍රං ගාංචුවක් සූක්ෂම ලෙස සිය ගමන් මල්ලේ සඟවාගෙන මෙරටට ගෙන ඒමට උත්සහ කර තිබේ.

 

views

232 Views

Comments

arrow-up