ජනපති අටමස්ථානාධිපතිගේ දේහයට අවසන් ගෞරව දක්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
22

ජනපති අටමස්ථානාධිපතිගේ දේහයට අවසන් ගෞරව දක්වයි

ජනපති අටමස්ථානාධිපතිගේ දේහයට අවසන් ගෞරව දක්වයි

අපවත් වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) අවසන් ගෞරව දක්වා තිබේ.

 

උන්වහන්සේගේ දේහය තැන්පත් කර තිබූ බෝධිමළුව විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා එහිදී දේහයට අවසන් ගෞරව දක්වා ඇත.

 

පසුව රුවන්වැලි සෑය විහාරාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා ආදාහන පූජෝත්සවයේ කටයුතු පිළිබඳව සොයා බලා තිබේ.

 

views

217 Views

Comments

arrow-up