ත්‍රීරෝද රථ මාස ගණන්කින් පසු සුපුරුදු රස්සාවේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

ත්‍රීරෝද රථ මාස ගණන්කින් පසු සුපුරුදු රස්සාවේ

ත්‍රීරෝද රථ මාස ගණන්කින් පසු සුපුරුදු රස්සාවේ

QR ක්‍රමය යටතේ ඉන්ධන ලබා දීම ආරම්භ වීමත් සමඟ ත්‍රීරෝද රථ රියදුරන් යළි ඔවුනගේ සුපුරුදු ත්‍රීරෝද රථ රස්සාවට එළැඹ තිබෙනවා.

 

මාස කිහිපයක් පුරා ත්‍රීරෝද රථ රියදුරන් ඉන්ධන පෝළිම් ආශ්‍රිතව දිවි ගෙවු අතර මේ හේතුවෙන් ඔවුන් මගී ප්‍රවාහන සේවාවෙන් ඉවත්ව සිටින් ආකාරයක් නිරීක්ෂණය වුණා.

 

ත්‍රීරෝද රථ බහුලව ධාවනයේ යෙදෙන කොළඹ හා ඒ තදාසන්න නගර ආශ්‍රිතව ද පසුගිය වකවානුවේ එකදු ත්‍රීරෝද රථයක් සොයා ගැනීම මේ නිසා දුෂ්කර වුණා.

 

කෙසේ නමුත් අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක QR ක්‍රමවේදයත් සමඟ කෝටාකට ඉන්ධන ලබා දීම ආරම්භ වීමත් හේතුවෙන් සහ ත්‍රීරෝද රථ එක් ඉන්ධන හලකට ලියාපදිංචි කිරීම හේතුවෙන් මේ වන විට ඔවුන් යළි ත්‍රීවිල් රස්සාවට අවතීර්ණ වී ඇති බව පෙනී යන්නේ.

views

268 Views

Comments

arrow-up