ඊයේ (16) දිනය තුළ දී කොවිඩ් මරණ 6ක්

ඊයේ (16) දිනය තුළ දී කොවිඩ් මරණ 6ක් වාර්තා වි තිබෙනවා
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 160ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි කාන්තාවක්, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවක් ද කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 85, 84 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ද එලෙස මියගොස් ඇති බව ඊයේ දිනයේදී වාර්තා වුනා
ඉන් කොවිඩ් මරණ 5ක් කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, එක් මරණයක් කළුතර ප්‍රදේශයෙන් වාර්තා විය.
734 Views
Comments