ඥාතීන් විසින් භාර නොගන්නා කොවිඩ් මෘතදේහ ආදාහනයට පියවර

ඥාතීන් විසින් භාර නොගන්නා කොවිඩ් මෘතදේහය වහාම ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබෙනවා
ඥාතීන් භාර නොගත් මළ සිරුරු 19ක් මේ වන විට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයීය මෘත ශරීරාගාරයේ තිබේ.
එම මළ සිරුරු පිළිබඳ ගතයුතු පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව ඥාතීන් භාර නොගත් කොවිඩ් ආසාදිත මළසිරුරු නිරෝධායන නීතිරීති අනුව ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනට ලිඛිත උපදෙස් ලබාදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළාය.
703 Views
Comments