ඩල්ජිත් අලුවිහාරේ මාතලේ නගාරාධිපති ධුරයෙන් ඉවතට

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ විසින් මාතලේ නගරාධීපති ඩල්ජිත් අලුවිහාරේ එම ධූරයෙන් ඉවත් කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඊයේ (2) නිකුත් කරනු ලැබුවා.
මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේට එරෙහිව චෝදනා රැසක් එල්ල වී තිබූ අතර ඒ හේතුවෙන් ඔහුගේ නගරාධිපති ධූරය මීට පෙර මාස තුනක කාලයකට අත්හිටුවා නියෝජ්‍ය නගරාධිපතිවරයා ධුරයේ වැඩ බැලීම සදහා පත්කරනු ලැබුවා.
එම චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට ආණ්ඩුකාරවරයා විසින් කමිටුවක් පත්කරනු ලැබූ අතර එම කමිටු වාර්තාව සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළෙඹ තිබෙන බවයි වාර්තා වන්නේ.
757 Views
Comments