NOV
26
හලාවත ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

හලාවත වැල්ල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 04ක් අද (26) දහවල් සිට හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ, දකුණු වෙරළබඩ, කුරුසපාඩුව සහ එගොඩවත්ත යන ග්‍රාමසේවා වසම්වල එළෙස සංචරණ සීමා පනවා ඇත.
පසුගිය දින කිහිපය තුළ දිගින් දිගටම කොවිඩ් රෝගීන් වාර්තාවීම සැලකිල්ලට ගෙන මෙම ප්‍රදේශ හුදකලා කිරීමට තීරණය කළ බව පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරයි.
733 Views
Comments